
මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 349 බී, කිතලගම මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ දලුගොඩ හේනගෙදර කිතලගම මධ්‍යම පදිංචිව සිට නැසීගිය හේවාදුලිගේ දියෝනිස් මහතාට හා නැසීගිය ගාල්ලේ සයිනහාමි මහත්මියට දාව උපන් දරුවා හේවාදුලිගේ චාර්ලිස් යනුවෙන් නම් තබා වැල්ලේතොට අංගුන්න බදුල්ල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පුංචි චාර්ලිස් දරුවා දෙමව්පියන් විසින් අකුරැස්ස, කඹුරුපිටිය අතර ඇති විල්පිට ආරණ්‍ය සේනාසනයට කැදවාගෙන ගෙන ගොස් , ආරණ්‍ය සේනාසනාධිපති හා වැල්ලේතොට පඤ්ඤාලංකාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ උඩුපිහිල්ලේගොඩ පඤ්ඤලංකාර හිමිපාණන් වහන්සේ උන්වහන්සේ යටතේ කුඩා චාර්ලිස්, කිතලගම සීලාලංකාර නමින් පැවිදි බිමට පත් කරන ලදි. බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත් ඉමහත් සේවාවාක් කරන ලද්දා වූ මේ කිලතලම සීලාලංකාර යන ශ්‍රී නාමය ගෞරවාදර සහිතව හෙළ ඉතිහාසයට එක් වන්නේ දිඹුලාගල මහ නාහිමිපාණන් වහන්සේ ලෙසිනි.
තම නායක ස්වාමිපාදයාණන් වහන්සේ අනුව යමින් වාසය කළ තරුණ සීලාලංකාර ස්වාමීන් වහන්සේ තම සහෝදර ස්වාමීන් වහන්සේලා සමග එකට වැටී කල් මරමින් නො ඉද සොහොන්පිටිවල, පාළු කැලෑවලට වැදී භාවනා කරන්නට විය. භාවනායෝගීව වැඩසිටි උන්වහන්සේගේ ගමන වෙනස් වීමට ලක්වූයේ 1948 දී පොළොන්නරුව ප‍්‍රදේශයේ සොරිවිල ගම්මානයට වැඩම කිරීමත් සමඟ ය. පාරම්පරික සිංහලයින් සිංහල භාෂාව නො දැන ද්‍රවිඩ භාෂාව කථා කරමින් ද්‍රවිඩ ජනයා මෙන් දිවි ගතකරන ආකාරය දැක කම්පාවට පත් උන්වහන්සේ මෙවැනි අසරණයින්ට පිහිට වීමේ තිර අදිටනක පිහිටියේ ය.
එදා සොරිවිල ග‍්‍රාමයෙන් ඇරඹි ගමනේ දී, රුහුණෙන් පැමිණි ගැමුණු කුමරු මෙරට එක්සේසත් ශ්‍රී ලංකාවක් බවට පත් කළාක් මෙන්, රුහුණු ජන්ම භූමි කොට ගෙන උපන් මහා විජයබාහු මහ රජු පොළොන්නරුව තම රාජධානිය කොට ගෙන මුළුමහත් ශ්‍රී ලංකාවේ ම අණසක පැතිරුවා මෙන්, විසිවන සියවසේ සිය රටේ උරුමය අහිමි වූ සිංහලයන්ට යළිත් පණ දුන්නේ දිඹුලාගල සිරි සීලාලංකාර හිමිපාණන් ය. ද්‍රවිඩ, මුස්ලිම්, උඩරට, පහතරට භේදයකින් තොරව අටසිය පනහකට ආසන්න පිරිසක් උන්වහන්සේ පැවිදිකර ගනු ලැබුවේය. බෞද්ධ විහාර නොතිබූ ප්‍රදේශයේ පැරණි නටබුන් සහිත තැන්වල මෙන්ම අවට ගම්මානවල විහාර 40කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භ කලේය. දිඹුලාගල විහාරයත් අලුත් විහාර ගෙවල්, සංඝාවාස ඉදිකර සංවර්ධනය කෙරි 1967 දී දිඹුලාගල මහා කාශ්‍යප ධර්මායතන පිරිවෙන ආරම්භ කළේ භික්ෂු අධ්‍යාපනය වර්ධනය කිරීමට යි. එමෙන්ම දිවයිනේ පළමු වරට වැදි දරුවන් 20 දෙනෙකු පැවිදි කිරීමත් උන්වහන්සේ කළ තවත් කාර්යයක්.
දිඹුලාගල අවට අධ්‍යාපනය පැවතියේ ප්‍රාථමික තත්ත්වයකි. උසස් අධ්‍යාපනයක් නොලද උන්වහන්සේ ඉගෙනීමේ අගය හොඳින්ම දැන සිටියා. ගම අවට පාසල් කීපයක් ඇරැඹීමට පාසල්වලට අවශ්‍ය අපකරණ එකතුකර ගොඩනැඟිලි ඉදිකළේ ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය තුළින්. මනම්පිටිය සිංහල මහ විදුහල, අරලගංවිලයාය මධ්‍ය මහා විදුහල, දිඹුලාගල මහ කස්‌සප මහ විදුහල, සේරුවිල රෝහණ විදුහල වැනි පාසල් 26ක් පිහිටුවීමට උන්වහන්සේට හැකියාව ලැබුණා. මනම්පිටිය රෝහල සහ දිඹුලාගල ආයුර්වේද රෝහලත් ආරම්භ කළේ දිඹුලාගල හිමියන්ගේ කැපවීම හා උනන්දුව නිසයි. වැව් අමුණු සිය ගණනක්, මංමාවත් සිය ගණනක් අලුතින් බිහිවුණා. දිඹුලාගල අවට කලාපයට ජලය සැපයීමට මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කිරීමටත් විශාල උත්සාහයක් ගෙන රටේ නායකයන් උනන්දු කළා. මේ අතර 1979 දී උන්වහන්සේට උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායකධුරය ද හිමිවුණා






