කාශ්‍යප මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

පොළොන්නරුවප්‍රා.අ.අ.තුමාගේපො/පාශා2/337/212/85හා1985.12.04දිනැති ලිපියට අනුව අධ්‍යාපන ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශ අංක 3/ජී එස්.එම්. හා 1985.11.29 දිනැති අනුමැතිය මත  1985.11.13 දින සිට 1C වර්ගයේ මහා විද්‍යාලයක් ලෙසට ආරම්භ කෙරී ඇත.

1985.11.29 දින නිල සටහනට අනුව ගුරුභවතුන් තිදෙනෙකුගෙන් යුත් ගුරු මඩුල්ලක් ඇතිව 08 දෙනෙකුගෙන් යුත් සිසු පිරිසකගෙන් 7 වසර පන්තිය ආරම්භ වූ බව දැක්වේ.

1986.01.27 දිනැති පොළොන්නරුව ප්‍ර.අ.අ.තුමාගේ නිල සටහනට අනුව දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කෙරී ඇත. ඒ සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති අති පූජ්‍ය කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ මූලිකත්වය හා පූර්ණ අනුග්‍රහය ලද බව  1986.01.27 දිනැති විදුහල්පති නිල සටහනට අනුව ප්‍රකාශ වේ. ආරම්භක විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ ඒ.එම්.බී.අලහකොන් මැතිතුමාය.

පො/දිඹු/කාශ්‍යප මහා විදුහලේ ප්‍රාථමික අංශය ආරම්භ වී ඇත්තේ 1968.01.04 දිනය. එහි ආරම්භක මුල් ගුරුවයා වශයෙන් කටයුතු කර ඇත්තේ ටී.ඩී.නානායක්කාර මහතාය. ප්‍රාථමික විදුහලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 39ක් බව එම විදුහලේ නිල සටහන අනුව දක්වා ඇත. මහා කාශ්‍යප ප්‍රාථමික විදුහලේ ආරම්භක සිසු පිරිස අතර භික්ෂූන් වහන්සේලාද සිටින ලද බව නිල සටහන අනුව ප්‍රකාශ වේ. මෙම කාර්යයන්හි මූලිකත්වය දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ බව නිල සටහන් සාක්ෂි දරයි.පසු කලෙක දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප පිරිවෙන ආරම්භ වූයෙන් 1973.10.04 දින මෙම ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය ලද භික්ෂූන් වහන්සේලා 32කගේ ලිපි ලේඛන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට භාර දී ඇත.1973.10.04 දිඹුලාගල මහා කාශ්‍යප ප්‍රාථමික විදුහලේ නිල සටහන් අනුව මෙම තොරතුරු ප්‍රකාශ වේ.